ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් චිනවරාය ප්‍රදේශයේදි අනතුරට

අගෝස්තු 07, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානය ගුවන් පරික්‍ෂණ කටයුත්තක් (Air Test) සඳහා අද දින (අගෝස්තු 07) ගුවන් හමුදා චිනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටි ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසයි.

මෙම යානය උදෑසන 11 25 පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගතවි 11.27 ට පමණ ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටි ඇති අතර, එහි ගුවන් නියමුවා සහ ගුවන් පරික්‍ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව වාර්ථා වේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පත්කර ඇති විශේෂ පරික්‍ෂණ කමිටුව මඟින් මේ වනවිටත් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.