පුත්තලම කලපුවේ අතරමං වූ තල්මසා බේරා ගැනීමට නාවික හමුදාවේ සහය

අගෝස්තු 09, 2023

පුත්තලම කලපුවේ අතරමංව සිටි මින්කිවේල් තල්මසෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහය ඇතිව අඟහරුවාදා (අගෝස්තු 8) දින නිරුපද්‍රිතව සාගරයට ගෙන එනු ලැබීය. ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ කලපුවේ නොගැඹුරු ජලයේ සිටි  අඩි 20ක් පමණ වන මෙම තල්මසා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ වෙරළ මුර යාත්‍රාවක් විසින් දැක ඇති බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දිමෙන් අනතුරුව  ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් කණ්ඩායමක් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා එම ස්ථානයට ගොස් ඇති අතර ඔවුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ  නිලධාරීන් සමග  එක්ව තල්මසාට නිදහසේ පිහිනීමට හැකි වන පරිදි කලපුවේ නොගැඹුරු ජලයෙන් ඉවත සාගරය දෙසට ක්‍රමක්‍රමයෙන් මෙහෙයවා ඇති බව එහි සඳහන් වේ.