නැගෙනහිර භට පිරිස් පෙර පාසලක් නවීකරණය කරයි

අගෝස්තු 18, 2023

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන පාබල සේනාංකයේ, 233 පාබල බලසේනාවේ භට පිරිස් විසින් කතිරවේලි පුදූර් හි පිහිටි 'සරස්වතී' පෙර පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට කටයුතු සිදුකර ඇත. එම ගොඩනැගිල්ල අබලන් තත්වයට පත්වී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ අවදානය යොමු කර මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට කටයුතු සිදුකල බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

භට පිරිස් විසින් පෙර පාසලේ ගෘහ භාණ්ඩ සහ අනෙකුත් පහසුකම් ඇතුළු පන්ති කාමර නවීකරණය කිරීමට කටයුතු සිදුකර ඇති අතර, පෙර පාසල සඳහා මුළුතැන්ගෙයක් ඉදිකිරිමට මුල්ගල්ද තබා ඇත. නවීකරණ කටයුතු ද්‍රානපතියන්ගේ මුල්‍ය ආධාර මත සිදුකර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ.

නවීකරණය කරන ලද ගොඩනැගිල්ල සහ එහි පහසුකම් භාරදීම වෙනුවෙන් පැවති චාම් උත්සවයකදී පෙර පාසල් දරුවන්ට ත්‍යාග මල්ලක් ද පිරිනැමූ බව එහි සඳහන් වේ .

23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු කෙටි උත්සවයට හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.