වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කෙරේ

අගෝස්තු 21, 2023

අද (අගෝස්තු 21) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා දින දෙකක සිංගප්පූරු සංචාරයක නිරත වන අතර, එම සංචාරය අතරතුර වැඩබලන අමාත්‍යවරුන් ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත්කර තිබේ.

ඒ අනුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත්කර තිබේ.