සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සාර්ථක හරිතාගාර මිරිස් ව්‍යාපෘතියක්

අගෝස්තු 22, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති අතුරින් වැඩි ආදායමක් සඳහා මෙන්ම දේශීය වෙළඳපොලෙහි අමු මිරිස් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

කැබිතිගොල්ලෑව, වැලිඔය, මහනුවර, මුලතිව්, ගෝමරන්කඩවල හා වව්නියාව බලකායන්හි අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති අතර, බලකා අණදෙන නිලධාරින්ගේ හා හරිතාගාර මිරිස් ව්‍යාපෘති භාර සිවිල් ආරක්‍ෂක සාමාජික සාමාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම මත අමුමිරිස් කිලෝ 65900 ක අස්වැන්නක් වෙළඳපොළට ලබා දී රුපියල් මිලියන 17ක ආදායමක් උපයා ඇත.