වැඩිවන කැළෑ ගිනි ගැනීම් පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

අගෝස්තු 23, 2023
  • වර්තමානයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන කැළෑ ගිනි ගැනීම් අවම කර ගැනීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා

රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය හා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනී ගැනීම් පිළිබඳව අගෝස්තු 22 දි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වන ලදි.

මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාවට පැමිණි සිටි ත්‍රිවිධ හමුදා, පොලිස්, ගිනි නිවන හමුදා හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම අනෙකුත් අදාළ පාර්ශවයන්ගේ අවධානයට යොමු කල අතර, එම ඇති විය හැකි වන විනාශයන් අවම කර ගැනීම සඳහා ගත හැකි පියවරයන් සම්න්ධයෙන් ද වැඩි වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

තවද, අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ පවතින වියළි කාලගුණයත් සමඟ ඇතැම් පිරිස් සිතාමතාම හෝ නොසැලිකිමත්ව සිදුකරන ඇතැම් ක්‍රියා හේතුවෙන් මෙම කැලෑ ගිනි ගැනීම් වැඩි වී ඇති බවත්, කඳවුරු බඳිමින් සංචාරයේ නිරත වන කණ්ඩායම් හේතුවෙන් මෙවැනි ක්‍රියාවන් සිදුවීමට බොහෝ ඉඩ ඇති බවත්ය. එබැවින් මෙවැනි වන විනාශයන් ඇතී වීමට ප්‍රථම ඒවා වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සියලු දෙනාගේ අවධානය යොමු කල යුතු බවද පවසා සිටියේ ය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික පාබල රියර් අද්මිරාල් පී.ඒ.ජේ.එන්. පොන්නම්පෙරුම, වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.එම්.ඒ.බණ්ඩාර, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සුරිය බණ්ඩාර, ප්‍රධාන ගිනිනිවන නිලධාරී පි.ඩි.කේ.ඒ. විල්සන්, සිවිල් ආරක්‍ෂක බලකායේ අතිරේක අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ඩබ්.ඩී.ඊ.එම් සුදර්ශන, යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් නජීව එදිරිසිංහ, වැඩබලන මණ්ඩලික නිළධාරී 1 ගුවන් මෙහෙයුම් වින්ග් කමාණ්ඩර් පසන් දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.ඩි.ඩි හෙට්ටිආරච්චි, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ එච්.කේ.එස්.එස් ගුණසේකර, ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ද සහභාගී විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනී ගැනීම් සහ ඒ සඳහා ගන්නා ලද පියවරයන් සම්න්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. සිය අදහස් දක්වමින් ඔහු පැවසූයේ දැනට පවතින වියළි කාලගුණය හේතුවෙන් කැළෑ, රක්ෂිත සහ වතු ආශ්‍රිතව ගිනි තැබීම් විශාල වශයෙන් පසුගිය කාලය තුල වාර්තා වු බවත්, පසුගිය වසරේ වාර්තා වු කැළෑ ගිනි තැබීම් 78 කට සාපේක්‍ෂව මේ වන විට මේ වසරේ කැළෑ ගිනි තැබීම් 123 ක් වාර්තා වී ඇති බවත්, ඒ අනුව පසුගිය වසරට වඩා කැළෑ ගිනි තැබීම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවත්ය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අප රට තුල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් රට තුල කැළෑ ගිනි ගැනීම් මැඩපැවැත්වීම සඳහා ආපදා කලමණාකරන මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවීන හමුදාව, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විශාල ප්‍රයත්නයක් පසුගිය දින කිහිපයේදී දරා තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්තය සහ වරාය අධිකාරිය වෙත ක්‍රියාකාරකම් නිරී‍ක්‍ෂණ ප්‍රමාණයක් ලබාදිමට කටයුතු කර තිබෙන බවත්, අධි සංවේදි කලාපවල මේ තත්වය පාලනය කිරීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවට සහ වන ජිවි දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලිමක් කර ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සාකච්ඡා කල බව ද මෙහිදී අමාත්‍ය වරයා පැවසීය.

ඒ අනුව ගිනිපටි (Fire Belt) ඇති කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදි යෙදිමට අපි බලාපොරොත්තු වන අතර, ගිනි නිවින හමුදාව මගින් ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ පුහුණුව සදහා විශේෂ වැඩපිළිවෙලක් අපි ඉතා ඉක්මනින් ආරම්භ කිරිමට පියවර ගනු ලැබීය.

වතු අංශයේ කැලෑ ගිනී ගැනීම් ඇතිවිමේ ප්‍රවණතාවයක් ඇති නිසා පුද්ගලික හා රජයේ වතු අධිකාරිවරුන්ට මේ තත්ත්වය අවබෝධ කර දීමටත් ඇතිවිය හැකි යම් තත්වයන් වැළැක්විමේ නිසි පියවර ගැනීමට සියලු උත්සාහයන් ගන්නා ලෙසටත්, වැවිලි කර්මාන්ත ඇමතිතුමාට සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව මාධ්‍ය වෙත පැවසූ අමාත්‍ය තෙන්නකෝන් මේ අවස්ථාවේ අධි සංවේදි කලාප වලට මිනිසුන් ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න ලෙස වන ජිවි අමාත්‍යය තුමියගෙන් විශේෂ ඉල්ලිමක් කල බව තවදුරටත් පැවසීය.

කැළෑ ගිනි තැබිම් නිසා වර්ෂාව ලබා ගතහැකි බවට යම් ජන කොටස් යම් අවස්ථාවල දරන මිත්‍යා මත අනුව, ගම්වාසීන් කැළැ ගිනි තැබිම් සිදුකරන බව ද නිරික්‍ෂණය වේ. මෙවැනි ඉතා බරපතල විනාශකාරී කටයුතු වලින් වැලකෙන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා මෙම තත්ත්වය පාලනය කිරිමට සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙසද අවධාරණය කර සිටි.

දඩයම් කිරීම සහ හේන් ගොවිතැන් කිරීම මෙන්ම විනෝදාස්වාදය සඳහා කැලෑව තුලට පිවිසෙන තරුණ තරුණියන්, කඳු තරණය කරන්නන් සහ කඳවුරු බඳිමින් සංචාරයේ නිරත වන කණ්ඩායම්වලින් මෙම කැළෑ ගිනි තැබීමට උත්තේජනයක් බව නිරීක්‍ෂණය වේ.

මෙවැනි හානිකර ක්‍රියාවන්ගෙන් වැලකෙන ලෙස සියලු අයවලුන්ගෙන් ඉල්ලා සිටින අමාත්‍ය තෙන්නකෝන් මෙහිදී අවධාරණය කර සිටීයේ පවත්නා නීති රාමුව තුල කැලෑ ගිනි තැබීම්වලට සම්බන්ධවන අයවලුන්හට උපරිම දඩුවම් පමුණුවන ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලීසිය වෙත ඉල්ලීම් කර තිබෙන බව ප්‍රකාශ කර සිටී.

පසුගියදා ඇමරිකාවේ හවායි දූපතේ ඇති වූ ගින්නෙන් සිදු වූ ඛේදනීය ජීවිත, දේපල හා ආර්ථික හානි විනාශය පිළිබඳව ද අමාත්‍යවරයා සිහිපත් කරන ලදි.