ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සංකේතාත්මක පොපි මල් පැළඳවීම
ආරක්‍ෂක අමාත්‍යංශයේදී සිදුකෙරේ

සැප්තැම්බර් 19, 2023

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් අද (සැප් 19) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත සංකේතාත්මක පොපි මල් පැළඳවීම සිදුකරන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්තුමා හමුවූ අවස්ථාවේ පොපි මල පළඳවන ලදි.

එම අවස්ථාවේදී ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ නියෝජිත පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.

පොපි මල් දිනය යනු පළමු ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජකාරියේ යෙදී සිටියදී මියගිය සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා යෙදී  ඇති ජාත්‍යන්තර සැමරුම් දිනයකි.