Slim Pharmaceuticals පුද්ගලික සමාගමෙන්
මුහුණු ආවරණ 500ක පරිත්‍යාගයක්

සැප්තැම්බර් 22, 2023

Slim Pharmaceuticals පුද්ගලික සමාගම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත ප්‍රතිමීදුම් මුහුණු ආවරණ (Anti-Fog Face Shields) තොගයක් සංකේතාත්මකව ඊයේ (සැප් 21) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවති උත්සවයකදී පරිත්‍යාග කරන ලදි.

මෙහිදී Slim Pharmaceuticals පුද්ගලික සමාගමේ නිලධාරීන් විසින් ‘WEEPRO’ සන්නාමය සහිත මුහුණු ආවරණ 500 ක් ආරක්‍ෂක ලේකම්වරයා වෙත ලබා දෙන ලදි.

මෙම පරිත්‍යාගය එම සමාගමේ සමාජීය වගකීම් සඳහා වන ආයතනික ඉදිරි දැක්ම යන සංකල්පයට අනුකූලව එහි සභාපතිවරයා විසින් දියත් කරන ලද ව්‍යාපෘතියේ කොටසක් බව එම සමාගම පවසයි.

පසුව මෙම මුව ආවරණ තොගය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා භාවිතයට යෙදවීමේ අරමුණින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත භාර දෙනු ලැබිණි.