වෛරස ආසාදිව සුවය ලැබූවන් සංඛ්‍යාව 25,651 දක්වා ඉහලට - කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 17, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 616 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 34,736 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 17) ප්‍රකාශ කරන ලදි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් පස්දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 266 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 94ක් සහ මහනුවර  දිස්ත්‍රික්කයෙන් 99 ක් ද වශයෙන් හදුනාගෙන තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කයන්ගෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 152 කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 31,066 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 22,244 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 84 ක් වන අතර ඔවුන්ගෙන් 42 ක් කටාර් හා 42 ක් ඕමානයේ සිට පැමිණි අයවේ. ඔවුන් ත්‍රිවිධ හමුදාව වෙතින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

අද වන විට ත්‍රිවිධ හමුදා මගින් පවත්වගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක පුද්ගලයින් 8,012 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.