ගතවූ පැය 24 තුල සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිත පුද්ගලයින් 708 කි - කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 19, 2020

ගතවූ පැය 24 තුල සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිත පුද්ගලයින් 708 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 19 ) ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ හදුනාගත් කොරෝනා වයිරස් අසාධිතයින් 662 ක් සමග දිවයිනේ වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 36,048 දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් හඳුනාගත් ආසාධිතයින් ගණන දෙදෙනෙක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 259 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 79 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 164 ක් වේ. වෙනත් දිස්ත්‍රික්කයන්ගෙන් හදුනාගත් අසධිතයන් ගණන 158 ක් බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 19 ) සනාථ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 32,376 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 23,653 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 223 ක් වන අතර ඔවුන්ගෙන් 163 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද, 14 දෙනෙකු මැලේසියාව, 119 දෙනෙකු කටාර් සහ 55 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි අයවේ. ඔවුන් ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමුකිරීමට නියමිතය.

තවද ඊයේ (දෙසැම්බර් 18) දිනට PCR පරීක්‍ෂණ 15,286 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ කොරෝනා මරණ 5ක් වාර්තා වූ අතර, ඒ අනුව මෙරට තුළින් වාර්තා වන මුළු කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 165 ක් දක්වා ඉහලයන ලදි.

අද වනවිට පුද්ගලයින් 7,837 දෙනෙක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 78 ක් තුල නිරෝධායනය කරනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.