සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාධිතයින් 491 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

දෙසැම්බර් 20, 2020

අද (දෙසැම්බර් 20) පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 618 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 36,666 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත්  ආසාධිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 241 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 120 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99 ක් පමණ වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 20 ) ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 32,994 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 24,144 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (19) PCR පරීක්ෂණ 15,961 ක් සිදු කර ඇති අතර, අද (20) අළුයම 06.00 ට අවසන් වන පැය 24 තුළ 491 දෙනෙක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 20 ) ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 173ක් වන අතර කටාර් සිට පැමිණි පුද්ගලයින් 31 ක්, ජපානයෙන් පුද්ගලයින් 83 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි පුද්ගලයින් ගණන 59 ක් වේ. ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාධනයවීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 27,551ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාධිත රෝගීන් 8,944 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 79 ක් යටතේ පුද්ගලයින් 7,316 ක් නිරෝධායනය කරනු ලැබේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 6 ත් සමඟ රටේ  කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබේ.