715 දෙනෙකු වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

දෙසැම්බර් 21, 2020

අද (දෙසැම්බර් 21) පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 594 ක් වන අතර රටේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 37,260 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් දෙදෙනෙකු විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 253 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 124 ක් හා අනෙකුත් දිස්ත්‍රික්ක වලින් 153 වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 21 ) ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 33,586 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 24,859 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (20) PCR පරීක්ෂණ 17,233 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 77 ක් වන අතර කටාර් සිට පැමිණි පුද්ගලයින් 25 ක් සහ සවුදි ආරාබියෙන් පැමිණි පුද්ගලයින් ගණන 52 ක් වේ. ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.

වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 715 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 28,266 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,818 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 72 ක පුද්ගලයින් 6,659 ක් නිරෝධායනය කරනු ලැබේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 5 ත් සමඟ රටේ  කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබේ.