මල්ලාවි ඛේදවාචකයෙන් පුද්ගලයකු යුද හමුදාව විසින් බේරා ගැනේ

දෙසැම්බර් 21, 2020

පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 19) ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මල්ලාවි හි වවුනිකුලම් වැවට පෙරළී සිදුවූ  අනතුරෙන්  එක් සිවිල් වැසියෙකු පණපිටින් බේරගැනීමට යුද හමුදාව සමත් වූ අතර  හා තවත් මළ සිරුරු තුනක් සොයාගැනීමට ද හැකි විය.

එකම පවුලේ සමාජිකයින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරළී ගොස් ඇති බව අනාවරණය වේ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ, වන්නි ආරක්ෂක සේනා  මූලස්ථානය 10 වන  ශ්‍රී ලංකා  පාබල හමුදා රෙජිමේන්තුවේ  සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස්  එම ස්ථානයට පැමිණ දියේ ගිලෙමින් සිටි  අයෙකු බේරාගෙන තිබේ.

පසුව මළ සිරුරු තුනක් ද සොයා ගත් අතර ඒවා   පියාගේ , දියණියගේ  සහ   පිරිමි ළමයෙකුගේ මළසිරුරු ලෙස   හඳුනාගෙන ඇත.

යුද හමුදා ආරංචි මාර්ග වලට අනුව, මෑතකදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් පසු වැවේ  ජල  මට්ටම ඉහල ගොස් ඇත.

බේරාගත් පුද්ගලයා මියගිය පියාගේ පුත්‍රයා බව යුද හමුදාව පවසයි.

65 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටිකිරි දිසනායක මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කර ඇත.

මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.