සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 618 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ
දෙසැම්බර් 23, 2020අද (දෙසැම්බර් 23) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 428 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 38,058 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් එක් අයෙකු විදේශ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 193 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 101 ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 42 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 91 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 23 ) ප්‍රකාශ කරන ලදී.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 34,377 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 25,892 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඊයේ (22) දින තවත් PCR පරීක්ෂණ 11,617 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 101 ක් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 44 ක්, කටාර් සිට පුද්ගලයින් 24 ක්, ඉන්දියාවේ සිට 14 ක්, මාලදිවයිනේ සිට 14 ක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයින් ගණන 05 ක් වේ. ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.
ඊයේ දිනය තුළ 618 දෙනෙක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 29,299 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,517 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 72 ක් යටතේ පුද්ගලයින් 6,292 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 7 ක් සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබේ.