දකුණු ආසියානු රටවල කම්කරු සංක්‍රමණිකයන් සබැඳිව බංග්ලාදේශයේ දී
කර්නල් නලින් හේරත්ගෙන් දේශනයක්

අප්‍රේල් 29, 2024

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් විසින් අප්‍රේල් 23 වැනි දින “දකුණු ආසියාවේ සිට කම්කරු සංක්‍රමණිකයන්”යන මැයෙන් බංගලාදේශයේ පැවති කලාපීය සම්මන්ත්‍රණයක දේශනයක් පවත්වන ලදි.

මෙම සම්මන්ත්‍රණය Bangladesh Institute of International and Strategic Studies විසින් Consortium of South Asian Think Tanks සහ Bangladesh Institute of International Strategic Studies සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම සම්මන්ත්‍රණයට පැමිණ සිටි එරට අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය Mashiur Rahman සිය දේශනය පවත්වමින්, දකුණු ආසියානු ආර්ථිකයට ශ්‍රම සංක්‍රමණිකයන්ගේ දායකත්වය සහ අනෙකුත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට බංග්ලාදේශයේ ඇති උනන්දුව ඉස්මතු කළේය.

සම්මන්ත්‍රණයට සහභාගී වූ සම්භාවනීය කථිකයන් දකුණු ආසියානු කලාපීය ශ්‍රම සංක්‍රමණයේ නැඟී එන අභියෝග පිළිබඳ කරුණු ඉස්මතු කළ අතර, සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

සම්මන්ත්‍රණය අමතමින් කර්නල් හේරත් දකුණු ආසියාවේ ශ්‍රම සංක්‍රමණයෙන් ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම් පිළිබඳව විස්තර කළේය. තවද, ශ්‍රම සංක්‍රමණය, ආර්ථික වර්ධනය සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා විභවයන් ලබාදෙන අතරම, ශ්‍රම සූරාකෑම, සමාජ අවතැන්වීම් සහ අසමානතාවය පිළිබඳ ගැටලු ද මතු කරන බවත්, මෙම ගැටළු සඳහා පිළියම් සෙවීම සඳහා ශ්‍රම සංක්‍රමණය ආරක්‍ෂිත සාධාරණ සහ ඊට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන්ට ප්‍රයෝජනවත් බව සහතික කිරීමට රජය, සිවිල් සමාජය සහ ජාත්‍යන්තර සංවිධානයේ සාමූහික උත්සාහයන් අවශ්‍ය බව පැවසීය.

මෙම සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධිත අමුත්තා වූ බංග්ලාදේශ විදේශික සුභසාධන හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඛයිරුල් අලාම් මෙම සම්මන්ත්‍රණයේ දී සිය වටිනා දායකත්වය ලබාදුන්නේය.
 
ඩකා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය සහ සභාපති ආචාර්ය තස්නීම් සිද්දික් සහ වැඩසටහන් කළමනාකරු - 2030 Agenda, KAS, Singapore මේඝා සර්මාගේ ප්‍රධානත්වයෙන් සැසි දෙකකදී පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයේ කීර්තිමත් ඉදිරිපත් කරන්නන් අතර, ඇන්ද්‍රියස් ක්ලෙයින් (Regional Programme, Political Dialogue Asia, KAS, Singapore) Andreas Klein, ෂරිෆුල් හසන්  (Programme Head, BRAC Migration Programme),  ආචාර්ය මල්ලිකා ජෝශප් (Senior Fellow, WISCOMP, New Delhi), මහේෂ් රාජ් භට්ටා (Research Officer, Centre for South Asian Studies, Kathmandu), ෂිෂිර් ක්නාල් (Member of Parliament, Kathmandu), ආචාර්ය බෙනුකා ෆර්දවුසි (Senior Research Fellow, BIISS), සුගීස්වර සේනාධිර (Advisor, the Prime Minister’s Office, Colombo), හර්නායික් සිං (Deputy Director, Institute of South Asian Studies, National University of Singapore), අනු මාරියා ජෝශප් (Research Associate, National Institute of Advanced Studies) Bengaluru සහ ආචාර්ය අනසුවා බොසු රේ චෞද්රි (Senior Fellow, Observer Research Foundation, Kolkata) යන විද්වතුන් සිය දායකත්වය ලබා දෙන ලදි.
 
මෙම සම්මන්ත්‍රණය සඳහා විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සිවිල් සහ හමුදා නිලධාරීන්, මාධ්‍ය, විද්වතුන්, පර්යේෂකයන්, විවිධ විශ්වවිද්‍යාල සාමාජිකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සහභාගි වූහ.