ශ්‍රී ලංකා නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මැයි 02, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නිල වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 02) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සුහද කතාබහක නිරත වෙමින්, ඔහුගේ නව පත්වීම සම්බන්ධව සිය සුබ පැතුම් එක් කළේය.

සාකච්ජාවෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණ.