ආරක්‍ෂක ලේකම්වරයා ගෝලීය සති සම්මේලනය - 2024 සඳහා එක්වේ

මැයි 03, 2024

කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පවත්වනු ලබන ගෝලීය සති සම්මේලනය 2024 සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (මැයි 03) සහභාගී විය.

අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සහ උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සති පාසල් පදනම සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබිණ.

අද (මැයි 03) ආරම්භ වූ මෙම දෙදින සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සහභාගී විය. මෙරට පාසල් පද්ධතියේ සිසු දරුවන්ට මානසික සුවතාව පුහුණු කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ තීරණාත්මක ඉදිරි පියවරක් ලෙස මෙම සමුළුව පැවැත්වේ.