පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක

මැයි 06, 2024

එයාර් කොමඩොර් ෆයිසාල් ෆසාල් මුහම්මද් ඛාන් ප්‍රමුඛ පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් අද (මැයි 6) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය.

එහිදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), මෙම දූත පිරිස හමුවූ අතර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දෙපාර්ශවයේ නියෝජිතයින් සුහද කතාබහක ද නිරත විය.

වැඩබලන අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් යන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.