ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 29,881 දක්වා ඉහළට

දෙසැම්බර් 24, 2020

අද (දෙසැම්බර් 24) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 580 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 38,638 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත්  ආසාදිතයින් අතරින් එක් අයෙකු විදේශ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 228 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 108 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 68 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 175 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 24 ) ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 34,956 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 26,474 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (23) දින තවත් PCR පරීක්ෂණ 13,895 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 64 ක් වන අතර ඒ අතුරින් 51දෙනෙකු කටාර් සිට සහ 13 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 582 කි.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 29,881 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,573 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76 ක් යටතේ පුද්ගලයින් 6,284 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබේ.