ජාතික රණවිරු සැමරුම් දිනය - මැයි 19

මැයි 19, 2024

මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්‍ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝධාර රණවිරුවන් මෙන්ම යුද්ධයේදී සටන්වැද රණක්‍ෂිතයට පත් අභීත රණවිරුවන් සියලු දෙනා අපගේ මතකයේ සදා රැදෙනු ඇත. ඔවුන් සියලු දෙනා අප කෘතඥපූර්වකව සිහිපත් කර සිටින්නෙමු.