අපගේ බලවත් සංවේගය

මැයි 20, 2024

හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙන් සිදු වූ ඉරාන ඉස්ලාමිය ජනරජයේ ජනාධිපති අතිගරු ඊබ්‍රාහිම් රයිසි ගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩය

ඛේදජනක හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ඉස්ලාමිය ජනරජයේ ජනාධිපතිවරයා ඇතුළු ජීවිත අහිමිවූවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාව වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටී.

මෙම දුෂ්කර මොහොතේ දිවි අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඉරාන ඉස්ලාමිය ජනරජයේ සමස්ත ජනතාව සමඟ අප ද ශෝක වන්නෙමු.