ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩිකයෙකු විසින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්
ලෝක වාර්තාව පිහිටුවයි

මැයි 22, 2024

ජපානයේ කෝබේ හිදී පැවැත්වෙන 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා බලලත් නිලධාරී II කේ.ඒ. සමිත දුලාන් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීය.

ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය වාර්තාවට අනුව බලලත් නිලධාරී II දුලාන් හෙල්ල විසිකිරීම F-44 කාණ්ඩයේ තරගයේදී මීටර් 66.49 ක දුරක් විසි කරමින් මෙම වාර්තාව පිහිටුවීය. මෙහිදී ඔහු පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (F-44/F-64) රිදී පදක්කම දිනාගත් අතර ඔහු නියෝජනය කරන කාණ්ඩයේ (F-44) ලෝක වාර්තාව ද පිහිටුවීය.

ජපානයේ කෝබේ හි පැවැත්වෙන 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය පසුගිය මැයි 17 වැනිදා ආරම්භ වූ අතර එය එළඹෙන 25 වැනිදා (මැයි) දක්වා පැවැත්වේ.