2024 බුද්ධ රශ්මි වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ භාවනා වැඩසටහනක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

මැයි 22, 2024

2024 බුද්ධ රශ්මි වෙසක් උත්සවයට සමගාමිව විශේෂ භාවනා වැඩසටහනක් අද (මැයි 22) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී. අමාත්‍යාංශයේ පරිපාලන අංශය විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබිණි.

හෝමාගම ධම්මකුසල නාහිමිපාණන් විසින් භාවනාවෙන් අනතුරුව ආගමික දේශනාවක් ද පවත්වන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ගාමිණී මහගමගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.