දියවන්නා වෙසක් කලාපය 2024 දෙවන දිනයටත්

මැයි 24, 2024

'බුද්ධ රශ්මි' වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන 'දියවන්නා වෙසක් කලාපය 2024' සාර්ථක දෙවන දිනටත් අද (මැයි 24) සවස බත්තරමුල්ලේදී ආරම්භ විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දෙවන දින උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වූ අතර ඔවුන්ගේ සුරතින් විවෘත කරන ලද දර්ශනීය වෙසක් කූඩු සහ වර්ණවත් විදුලි පහන් මගින් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ ආරක්‍ෂක අමාත්‍යාංශය දෙසට දිවෙන මාර්ගය ආලෝකමත් විය.

ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම් විසින් පවත්වනු ලබන භක්ති ගී ප්‍රසංගය දියවන්නා වෙසක් කලාපයේ ප්‍රධාන විශේෂ අවස්ථා අතර වේ.

අද දින වෙසක් කලාපය වෙසක් කූඩු ප්‍රදර්ශනයන්, වෙසක් දන්සැල්, ඔසු පැන් කුටි, ආලෝකමත් විදුලි සැරසිලි, සරසන ලද ජංගම භක්ති ගී වේදිකාවක් සහ විවිධ වූ සංස්කෘතික අංගයන්ගෙන් ද සමන්විත විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් දියවන්නා වෙසක් කලාපයේ ඉදිකර ඇති මනරම් වෙසක් සැරසිලි නැරඹීමට එක් විය.