ශ්‍රී ලංකාවේ නව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මැයි 29, 2024

ශ්‍රී ලංකාව සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ලෙස අභිනවයෙන් පත් වූ අතිගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) මැතිතුමා, අද (මැයි 29) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

සිය කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන මහ කොමසාරිස්වරයා, රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද සහභාගී විය.