ජාතික ශිෂ්‍යභට බලකායේ විෂය මාලාවට මුල්‍ය සාක්‍ෂරතාවය හඳුන්වාදීමට
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සැලසුම්

මැයි 31, 2024

ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාවට මූල්‍ය සාක්‍ෂරතාව ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රකාශ කළේය.

ප්‍රමාණවත් නොවන ඉතිරිකිරීම්, නොදැනුවත් ආයෝජන තීරණ සහ පිරමීඩ යෝජනා ක්‍රම වැනි වංචාවන්ට ගොදුරු වීම වැනි මූල්‍ය කළමනාකරණයට අදාළ සමාජ ගැටලු නිරීක්‍ෂණයට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගනු ලබන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ වන විටත් ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ඔහු මෙම වැඩපිළිවෙල සඳහා පුහුණුව සහ දැනුම බෙදාගැනීමේ සහාය ලබා දීමට කැමැත්ත පළ කර ඇත.