අතිරේක ලේකම් (ආරක්‍ෂක) ලෙස හර්ෂ විතානාරච්චි පත් කෙරේ

ජුනි 01, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ලෙස හර්ෂ විතානආරච්චි මහතා පත් කර ඇති අතර,ඔහුගේ නව තනතුරට අදාල පත් වීම ලිපිය ඊයේ සවස (මැයි 31) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් ලබාගත්තේය.

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන විතානාරච්චි මහතා දශක දෙකකට අධික සිය සේවා කාලය තුළ අමාත්‍යාංශ ගණනාවක මෙන්ම ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද රාජකාරි සිදු කර ඇත.

මෙම නව පත්වීමට පෙර ඔහු වැඩබලන අතිරේක ලේකම් (ආරක්‍ෂක) ලෙස කටයුතු කළේය.