සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් 686 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

දෙසැම්බර් 25, 2020

අද (දෙසැම්බර් 23) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 592 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 39,230 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත්  ආසාදිතයින් අතරින් තිදෙනෙක්  විදේශ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 140 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 245 ක්, ගම්පහ  දිස්ත්‍රික්කයෙන් 66 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 137 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 25 ) ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 35,526 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 27,160 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (24) දින තවත් PCR පරීක්ෂණ 13,853 ක් සිදු කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 221 ක් වන අතර ඕස්ට්‍රේලියාවේ  සිට 193 ක්, කටාර් සිට පුද්ගලයින් 21 ක්  සහ ජපානයේ සිට පැමිණි පුද්ගලයින් ගණන 07 ක් වේ. ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ 686 දෙනෙක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට රට තුළ වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 30,567 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,478 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76 ක් යටතේ පුද්ගලයින් 6,457 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණයක් සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ.