ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය හමුදා ඒකකයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් (මූලෝපාය සහ සැලසුම්) මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජුනි 04, 2024

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය හමුදා ඒකකයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් (මූලෝපාය සහ සැලසුම්) මේජර් ජෙනරල් ස්කොට් ඒ වින්ටර්, අද (ජුනි 04), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මේජර් ජෙනරල් වින්ටර් ඇතුළු නියෝජිත පිරිස ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේදී කලාපීය ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම, සමුද්‍රීය බලප්‍රදේශ පිළිබඳ දැනුවත්බාවය ඇති කිරීම, මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මිනිස් ජාවාරම් සහ කලාපීය  සාමය සහ ස්ථාවරත්වය ශක්තිමත්  කිරීම සඳහා වන අන්‍යෝන්‍ය වගකීම් ඉහළ නැංවීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම නිලධාරීන්ගේ අවධානය යොමු විය.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා  නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම අවස්ථාවට සහභාගි වූහ.