සිංගප්පූරුවේ පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව සඳහා
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජුනි 05, 2024

උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ සංවිධායකත්වයෙන් (International Institute for Strategic Studies - IISS), 2024 මැයි මස 31 වන දින සිට 2024 ජුනි මස 02 වන දින දක්වා සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව (21st Asia Security Summit - IISS Shangri-La Dialogue) සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආසියානු ආරක්‍ෂක සමුළුව, ආසියානු කලාපීය රාජ්‍යන් මුහුණ දෙනු ලබන ආරක්ෂක අභියෝග සම්බන්ධයෙන් පාර්ශවකරුවන් හට දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් පිළිබඳ එකම වේදිකාවක අදහස් හුවමාරු කරගැනීමට සහ විසඳුම් ගවේශනය කිරීමට අවස්ථාව උදාකර දෙනු ලබන ප්‍රමුඛ ආරක්‍ෂක සමුළුවකි.

ඒ අනුව, සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන්, කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන් නියෝජනය කරමින් නියෝජිතයන්, ආරක්‍ෂක ප්‍රධානීන්, යුද නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන් මෙන්ම ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ විද්වතුන් රැසක් සහභාගී වූ මෙම ආරක්‍ෂක සමුළුව විශේෂ සැසියකින් සහ ප්‍රධාන සැසි හතකින් (07) සමන්විත විය.

මෙම සම්මන්ත්‍රණයේ 2024 මැයි මස 31 වන දින පැවති විශේෂ සැසියේදී DETERRENCE AND REASSURANCE IN THE ASIA-PACIFIC, DEFENCE COOPERATION AND SMALL STATE SECURITY සහ MYANMAR: OPPORTUNITIES FOR DIPLOMACY AMID DIFFERENT VISIONS FOR PEACE යන තේමාවන් යටතේ සමුළුව වෙත අදහස් දැක්වීම සිදුකෙරිණි.

2024 ජුනි මස 01 දින පැවති සමුළුවේ දෙවන දිනයේදී UNITED STATES’ STRATEGIC PARTNERSHIPS IN THE INDO-PACIFIC, ENHANCING CRISIS MANAGEMENT AMID RISING COMPETITION, BUILDING COOPERATIVE SECURITY IN THE ASIA-PACIFIC, CROSS-REGIONAL SECURITY ORDER CHALLENGES, MARITIME LAW ENFORCEMENT AND CONFIDENCE BUILDING, AI, CYBER DEFENCE AND FUTURE WARFARE සහ COORDINATING GLOBAL HUMANITARIAN OPERATIONS යන තේමාවන්ට අදාලව සමුළුව වෙත පාර්ශවකරුවන් විසින් අදහස් දැක්වීම සිදුකෙරිණි.

2024 ජුනි මස 02 දින පැවති සමුළුවේ තෙවන හා අවසන් දිනයේදී CHINA'S APPROACH TO GLOBAL SECURITY, CONNECTING INDIAN OCEAN AND PACIFIC SECURITY සහ RE-IMAGINING SOLUTIONS FOR GLOBAL PEACE AND REGIONAL STABILITY යන තේමාවන්ට අදාලව සමුළුව වෙත පාර්ශවකරුවන් විසින් අදහස් දැක්වීම සිදුකෙරිණි.

එමෙන්ම, මෙම සම්මන්ත්‍රණයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සම්මන්ත්‍රණයට සහභාගී වූ පාර්ශවකරුවන් සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා සඳහා ද සහභාගී වී සමුද්‍රීය ආරක්‍ෂාව හා සබැඳි වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

තවද, කලාපීය සහ කලාපීය නොවන රාජ්‍යන්ගේ ආරක්‍ෂක ප්‍රධානීන් සහ සමුද්‍රීය පාර්ශ්වකරුවන් සහභාගි වන මෙවැනි ආරක්‍ෂක සමුළු සඳහා සහභාගීවීම මඟින්, සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික් හමුදාව විසින් සිදුකරනු ලබන සාමූහික මෙහෙයුම් සඳහා ඉදිරියේදී වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස දායක වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

අනුග්‍රහය - www.navy.lk