ජනාධිපතිතුමාගේ හජ් සුබ පැතුම් පණිවිඩය

ජුනි 17, 2024

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතුය.

ඒ උතුම් වූ පරමාර්ථය මුල් කර ගනිමින් වසරක් පාසා මුස්ලිම් ජනතාව හජ් උත්සවය සමරති.

ලොව පුරා විසිරි සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමුහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම මෙදින සිදුවෙයි.

ලෝක වාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව මාගේ විශ්වාසයයි.

එකම අරමුණක බැඳී මනුෂ්‍යත්වයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමට සියලුදෙනා එක්වන ප්‍රීතිමත් හජ් සැමරුමකට ශ්‍රී ලංකික මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාවට මාගේ සුභාශීංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

අනුග්‍රහය - pmd.gov.lk