යුද හමුදාවෙන් දරුවන්ට නත්තල් තෑගි

දෙසැම්බර් 25, 2020

යුද හමුදාවේ නත්තල් සැමරීම් උත්සවයට සමගාමීව, යුද හමුදා මූලස්ථානයේ දි යුද හමුදා පවුල්වල දරුවන් සඳහා තෑගි පාර්සල් තොගයක් මෑතකදී බෙදා දෙන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් යුද හමුදාවේ තවත් සුභසාධන කටයුත්තක් ලෙස මෙලෙස තෑගි ලබා දුන්හ.

කොවිඩ් -19 වැළැක්වීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය නියෝග පිළිපදිමින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර නියෝජිත පිරිසක්ද  එයට සහභාගී විය.