ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ජුනි 20, 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස අද (ජුනි 20) සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ පත් කර තිබේ.

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සහිත මේජර් ජෙනරල් අලුවිහාරේ ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ විධායක ජෙනරාල් සහ ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම) ඇතුළු උසස් තනතුරු ගණනාවක සේවය කොට ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වේ.

මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපතිවරයා ද වේ.