ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 31,338 දක්වා ඉහළට

දෙසැම්බර් 26, 2020

අද (දෙසැම්බර් 26) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 551 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 39,781දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනාම ශ්‍රී ලාංකිකයන්  වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 37 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 300 ක්, ගම්පහ  දිස්ත්‍රික්කයෙන් 52 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 162 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 26) ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,077 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 27,931 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (25) දින තවත් PCR පරීක්ෂණ 14,933 ක් සිදු කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 139 ක් වන අතර ඉන්දියාවේ සිට 58 ක්, කටාර් සිට පුද්ගලයින් 50ක්  සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ගණන 31 ක් වේ. ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ 771 දෙනෙක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 31,338  ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,257 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 79 ක් යටතේ පුද්ගලයින් 6,276 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණයක් සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.