ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 08, 2024

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරල් කපිල දොලගේ අද (ජුලි 08) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධානියා ලෙස පත්වීම සම්බන්ධයෙන් මේජර් ජෙනරල් දොලගේ හට සුබ පැතුම් එක් කළ අතර, ඔහු මෙම කීර්තිමත් ආයතනය තවදුරටත් ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවට විශ්වාසය පළ කළේය.

මේජර් ජෙනරල් දොලගේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි 10 වන සේනාවිධායක ලෙස 2024 ජුනි 26 වන දින වැඩ භාරගන්නා ලදී.