තරුණ තරුණියන්ට ජීවිතයේ ඉදිරියට යාමට
නිවැරදි ආකල්ප තිබිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්
ජුලි 09, 2024
සාර්ථකත්වය සඳහා කුසලතා, බුද්ධිය, දැනුම සහ දක්ෂතා තිබීම තරම්ම නිවැරදි ආකල්ප තිබීමත් වැදගත් වේ. වෙනස් වීම දුෂ්කර වන අතර සමහර විට පළමු පියවර දුෂ්කරම පියවර වේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ජුලි 08) කොළඹ, ෂැංග්‍රි-ලා හෝටලයේ දී පැවති 05th New Generation Asia Youth Awards 2024 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් පලකරන ලදි.
New Generation Asia හි සභාපති ඔවින් අමරතුංග මහතා විසින් ‘Striving beyond the Status Quo’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙලෙහි සමාරම්භය සටහන් කරන ලදි.
Women in Management සහ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන ප්රදානෝත්සවයේදී ආසියාව පුරා සිටින තරුණ නායකයින්ගේ විවිධ සංස්කෘතික පසුබිම්වලින් මතුවන කැපී පෙනෙන දක්ෂතා සහ හැකියාවන් ඇගයීමට ලක් කෙරේ. The Youth Top 40 New Generation Asia Awards 2024 හිදී ඔවුන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ, නායකත්වය සහ ආර්ථිකයට සහ සමාජයට දක්වන ලද දායකත්වය වෙනුවෙන් කාණ්ඩ 33 ක් යටතේ සුවිශේෂී තරුණයින් 40 දෙනෙකු ඇගයීමට ලක් කරන ලදි.
Women in Management හි සභාපතිනි ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය, New Generation Awards හි නිර්මාතෘ වන අතර, මෙම උළෙල දක්ෂ හා සුවිශේෂී තරුණ තරුණියන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කර ඇති සංසදයකි.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, පෞද්ගලික අංශයේ ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් තරුණ තරුණියන් රැසක් සහභාගී විය.