ඉන්දීය ආරක්‍ෂක සංවාදය සදහා සහභාගී වන දූත පිරිස
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජුලි 09, 2024

ඉන්දියානු හමුදා බුද්ධි අංශ අතිරේක අධ්‍යක්ෂ මේජර් ජෙනරල් චරන්ජිත් සිං දෙව්ගන් ප්‍රමුඛ, මෙවර ඉන්දීය ආරක්‍ෂක සංවාදය සදහා සහභාගි වන දූත කණ්ඩායම අද (ජුලි 09) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉන්දීය දූත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නිලධාරීන් සුහද කතාබහක ද නිරත විය. සාකච්ඡාව අතරතුර දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදා අතර ඒකාබද්ධ හා හුවමාරු පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම මෙන්ම දෙරටේ සාගර කලාප පිළිබඳ අන්‍යොන්‍ය දැනුවත්භාවය වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය.

කර්නල් නිතින් යාදව් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක කර්නල් මන්දීප් සිං නේගි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.