ඉන්දීය ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගී වන දූත පිරිස
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා හමුවෙයි

ජුලි 10, 2024

ඉන්දියානු හමුදා බුද්ධි අංශ අතිරේක අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් චරන්ජිත් සිං දෙව්ගන් ප්‍රමුඛ, මෙවර ඉන්දීය ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගි වන දූත කණ්ඩායම අද (ජුලි 10) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.

මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්දීය දූත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහද කතාබහක නිරත විය. මෙම සාකච්ඡාව අතරතුරදී දෙපාර්ශ්වය අතර සන්නද්ධ හමුදා පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම සහ දෙරටේ සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබීය.

කර්නල් නිතින් යාදවා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක කර්නල් මන්දීප් සිං නේගි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.