සීෂෙල්ස් ආරක්‍ෂක ප්‍රධානී මෙරට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජුලි 16, 2024

සීෂෙල්ස් මහජන ආරක්‍ෂක බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් Michael Rosette අද (ජුලි 16) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි නිල කාර්යාලයේදී හමුවිය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් සිය කාර්යාලය වෙත සපැමිණි සීෂෙල්ස් ආරක්‍ෂක ප්‍රධානීවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස සුහද සාකච්ඡාවක ද නිරත විය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර අන්‍යොන්‍ය සබඳතාව සහ ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. තවද එම අවස්ථාවේ සුවිශේෂීත්වය සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණ.