රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ප්‍රදානයක්

ජුලි 22, 2024

රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා යතුරුපැදි පිරිනැමීමේ වැඩසටහනේ දිගුවක් ලෙස රණවිරු එච්.බී.එම්.ආර්.ආරියරත්න මහතා වෙත විද්‍යුත් ආරෝපිත යතුරුපැදියක් ප්‍රදානය කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයකදී අද (ජුලි 22) පෙරවරුවේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් සිදුකරන ලදී.

මානුෂීය මෙහෙයුමේදී කිලිනොච්චියේදී තුවාල ලබා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ලත් රණවිරු ආරියරත්න වෙත වෙමින්ද්‍ර සංගක්කාර මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මෙම යතුරුපැදිය ප්‍රදානය කෙරිණි. ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාම සඳහා මෙම යතුරුපැදිය මහත් රුකුලක් වනු ඇත.

හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ඇතුළු අනුග්‍රාහකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.