සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 16ක්

දෙසැම්බර් 26, 2020

2004 දී සිදු වූ මාරාන්තික සුනාමි ව්‍යසනයෙන් මියගිය දහස් සංඛ්‍යාත ජනයා සිහිකිරීම  සඳහා අද (දෙසැම්බර් 26) පෙරවරු 09.25 ට රටපුරා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුනාමිය සිදුව වසර  16 ක් පිරීම නිමිත්තෙන් මියගිය ජනතාව  සිහිපත් කිරීම මෙලෙස සිදුකෙරිණි.

සුනාමි තත්වය  හේතුවෙන් ඉන්දියානු සාගරයේ රටවල් 10 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වුණි.

මෙම සුනාමි රල හේතුවෙන්  රටේ උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර වෙරළ කලාපයේ ගම්මාන විනාශ වු අතර සිදුවූ මරණ සංඛ්‍යාව 35,000 ක් දක්වා ඉක්ම වීය.