ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව
නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජුලි 24, 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class of guided missile destroyers වර්ගයට අයත් ‘USS Michael Murphy’ නෞකාව, දිගින් මීටර් එකසිය පනස් පහක් (155) හා නැව් මුළුව තුන්සීය විසි තුනක ගෙන් (323) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Jonathan B. Greenwald කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘USS Michael Murphy’ නෞකාවේ අණදෙන නිලධාරී Commander Jonathan B. Greenwald සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ජුලි 23) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

තවද, ‘USS Michael Murphy’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, ‘USS Michael Murphy’ නෞකාව 2024 ජුලි මස 26 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk