ආරක්ෂක ලේකම්වරයා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ නව නේවාසිකාගාර පහසුකම්
ඉදිකිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කරයි
අගෝස්තු 06, 2024
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ දැනට ඉදිවෙමින් පවතින සිව්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අගෝස්තු 06) දින එහි ස්ථානීය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම අතිශය වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘතිය යටතේ සිව්මහල් නේවාසිකාගාර පහසුකම් වලට අමතරව කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් සඳහා තවත් තෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදිවෙමින් පවතී.
ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පාසල් භූමිය සංවර්ධනය කරමින් සිසුන් සඳහා ඉඩ පහසුකම් සහිත පාසල් ක්‍රීඩා පිටියක් ඉදි කරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාසලේ ආරක්ෂාව සහතික කරමින් එහි CCTV පද්ධතිය, ගිනි හඳුනාගැනීම් හා ආරක්ෂණ පද්ධතිය සහ PA/PABX පද්ධති සවි කිරීම සිදු කරනු ඇත.
ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේදී මුහුණ දෙන අභියෝග සමනය කිරීමේ අරමුණින්, ආරක්ෂක සේවා විද්‍යාලය කොළඹ මැලේ වීදියේ ස්ථාපිත කරනු ලැබිය.
සිසුන්ට අවශ්‍ය පහසුකම් ඉතා ඉක්මනින් ලබාදීම සඳහා ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කම සිය සංචාරයේදී අවධාරණය කල ආරක්ෂක ලේකම්වරයා ඒ සඳහා අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. ජාතියේ අධ්‍යාපන සංවර්ධනය ඉහල නැංවීම සඳහා සහය දැක්වීමට සහ මතු පරපුරට විශාල සේවයක් සැපයෙන මෙවැනි යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ආරක්ෂක සේවාවන්හි කැපවීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක සේවා) ජයන්ත එදිරිසිංහ මහතා සහ ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චිත්‍රාල් කුලතුංග යන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් විය.