ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව
කොළඹ වරායට පැමිණෙයි

අගෝස්තු 22, 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා 2024 අගෝස්තු 21 දින කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke - class destroyer වර්ගයට අයත් ‘USS O'kane’ නෞකාව, දිගින් මීටර් එකසිය පනස් හතරක් (154 ) හා නැව් මුළුව තුන්සිය විසි අටකින් (328) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Richard Ray කටයුතු කරනු ලබයි.

තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS O'kane’ නෞකාව 2024 අගෝස්තු මස 22 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk