නැගෙනහිර පළාත් ගිනි නිවීමේ සේවාවන්හී 'පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ'
ප්‍රායෝගික පරීක්‍ෂණය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

අගෝස්තු 22, 2024

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශය යටතේ ඇති ගිනි නිවීමේ සේවාවන්හී ‘පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ’ ප්‍රායෝගික පරීක්‍ෂණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී 2024 අගෝස්තු මස 20 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ඉංජිනේරු අංශයේ විශේෂඥ වෘත්තීය සහය ලබාදීම සිදු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශය මඟින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව කල්මුණේ, මඩකලපුව හා අක්කරෙයිපත්තු මහ නගර සභා සහ අම්පාර හා ත්‍රීකුණාමලය නගර සභා යටතේ ඇති ගිනි නිවීමේ සේවාවන්ට අයත් පුද්ගලයින් වෙනුවෙන් පවත්වනු ලබන ‘පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ’ ප්‍රායෝගික පරීක්‍ෂණය මෙලෙස ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී 2024 අගෝස්තු මස 20 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා එම ගිණි නිවීම් සේවා නියෝජනය කරමින් පුද්ගලයින් හැටදෙනෙකු සහභාගීවීමට නියමිතව ඇත.

තවද, සිවිල් අධිකාරීන් වෙත හමුදාමය සහාය ලාබදීම (Military Aid to Civil Authority - MACA) යටතේ සිදු කෙරුණු නාවික හමුදා ඉංජිනේරු අංශයේ විශේෂඥ තාක්‍ෂණික සහාය ලබාදීම, නාවික හා සාගරික විද්‍යාපීඨයේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක සහ රසායනික ආරක්‍ෂක පාසලේ සහ නාවික තඨාකාංගනයේ ගිණි නිවීමේ ඒකකයේ දායකත්වයෙන් සිදු කෙරිණි.

අනුග්‍රහය - www.navy.lk