4 වැනි CISM Military World Cadet ක්‍රීඩා උළෙලේදී කෙඩෙට් නිලධාරිනී
ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනිගෙන් ඉහළ දස්කම්

අගෝස්තු 26, 2024

4 වන CISM Military World Cadet ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 19 දින සිට 24 දක්වා වෙනිසියුලාවේ කැරකාස් හිදී පැවති අතර, එම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙඩෙට් නිලධාරිනී ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනී සහභාගී වූ අතර, එහිදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.24ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වූවාය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරි අංක 93 බී යටතේ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් උසස් යුද පුහුණුව ලබමින් තරඟයට සහභාගී වීමට ඇයට අවස්ථාව හිමි විය.

4 වන CISM Military World Cadet ක්‍රීඩා තරඟයේ එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් 6 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙඩෙට් නිලධාරීන්ගේ කණ්ඩායම සමත් විය. ජාත්‍යන්තර තරඟයකදී ඇයගේ කැපී පෙනෙන දස්කම් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇය ලබාගත් ජයග්‍රහණ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට මහත් අභිමානයකි.

CISM සංවිධානය ලොව පුරා සිටින හමුදා නිලධාරීන් අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා ඔවුන් විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් මෙන්ම තරඟ සංවිධානය කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි

අනුග්‍රහය - www.army.lk