රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 32,700 ක් දක්වා ඉහළට

දෙසැම්බර් 28, 2020

අද (දෙසැම්බර් 28) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 41,053 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් හය  දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර අනෙක් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් 174 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 110 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 153 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 231 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 28) ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 37,338 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 29,943 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඊයේ (27) දින තවත් PCR පරීක්‍ෂණ 11,060 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 36 ක් වන අතර මාලදිවයිනේ සිට එක් අයෙක්, කටාර් සිට පුද්ගලයින් 16 ක්, සවුදි අරාබියේ  සිට පුද්ගලයින් 02 ක් සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් ගණන 18 ක් වේ. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව වෙතින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ 650 දෙනෙක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 32,700 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,162 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 74 ක් යටතේ පුද්ගලයින් 5,595ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 04ක්  සමඟ රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් තිබේ.