ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 02, 2024

ඉන්දීය රජයේ සම ලේකම් ශ්‍රී විජේ නේරා  ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් අද (සැප් 2) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ජෙනරල් ගුණරත්න ඉන්දීය දූත පිරිස සමඟ සුහද කතාබහක නිරත විය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඉන් අනතුරුව, ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් නදීක කුලසේකර සමඟ අන්තර් ක්‍රියාකාරී තොරතුරු සැසියකට සහභාගී විය.