පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම
ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩකයා දිනා ගනී

සැප්තැම්බර් 04, 2024

ශ්‍රී ලංකා යුද හමුදා බලලත්  නිලධාරී II සමිත දුලාන් කොඩිතුවක්කු පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි F 44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඉකුත් සඳුදා (සැප් 02) පැවති එම ඉසව්වේ මීටර 67.03 ක දුරක් විසි කරමින් ඔහු නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

පැරා ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයකු ලද විශිෂ්ටතම ජයග්‍රහණවලින් එකක් ලෙස බලලත් නිලධාරි II කොඩිතුවක්කු විසින් ලබා ගත් ජයග්‍රහණය  කැපී පෙනෙන අතර, 2024 පැරිස් ක්‍රීඩා උළෙලේදී මේ දක්වා පදක්කමක් ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා ද ඔහු බව එහි සඳහන් වේ.