නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

සැප්තැම්බර් 14, 2024

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, සැප්තැම්බර් 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් කර ඇත.

වසර 35කට අධික සිය සේවා කාලය තුල කීර්තිමත් හමුදා නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරල් නානායක්කාර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක ලෙසද කටයුතු කරනු ලබයි.

මේජර් ජෙනරල් නානායක්කාර මින් පෙර අවස්ථාවන්හිදී හමුදා බුද්ධි බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ධූරයන් රැසක රාජකාරි සිදු කොට ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ද වන මේජර් ජෙනරල් නානායක්කාර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ලෙසද කටයුතු කර ඇත.